brand logo
logo
හැටන් පොළ භූමියේ උණුසුම් තත්ත්වයක්

හැටන් පොළ භූමියේ උණුසුම් තත්ත්වයක්

20 July 2026


හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් මහජන පොළ භූමියේ පදිකයින්ට අවහිර වන සේ වෙළදසැලෙන් එපිටට රාක්ක ගසා වෙළදාම් සිදු කල වෙළදුන්ගේ අලුතින් ඉදි කල අනවසර කොටස් ඉවත් කිරිමට යෑමේදි අද (20) දින හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් සහ වෙළෙදුන් අතර දැඩි උණුසුම් තත්වයක් ඇති විය.


හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම් දි තිබුණද එම වෙළදුන් එය නොතකා පදික වේදිකාව අවහිර වන සේ වෙළදාම් කිරිම හේතුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් අද (20) දින එම අනවසර ඉදිකිරිම් ඉවත් කරමින් සිටියදී එම මහජන පොළ භූමියේ වෙළදුන් හැටන් දික්ඔය නගර සභාවේ විරුද්ධ පක්ෂයේද මන්ත්‍රීවරුන්ගේ සහයෝගයද ලබා ගෙන එම අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට විරෝධය දක්වනු ලැබූහ.


එම වෙළදුන් කියා සිටින්නේ, හැටන් නගරයේම එවැනි අනවසර ඉදිකිරිම් ඉවත් කරන ලෙසත් එක්තරා ව්‍යාපාරික කොටසක් පමණක් ඉලක්ක කර ගනිමින් අනවසර ඉදි කිරිම් ඉවත් කිරිම යුක්ති සහගත නොවන බවයි.


මහජන පොළ භූමියෙ ඇතැම් වෙළදුන්ගේ සහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් වෙළදසැල් කිහිපයක ඉදි කර තිබූ අනවසර ඉදි කිරිම් ඉවත් කරනු ලැබූහ.

 

More News..