හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සර්වජන බලය සමඟ එක්වෙයි
20 August 2026
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සර්වජන බලය සමඟ එක්වෙයි
20 August 2026
හිටපු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු බණ්ඩාරගම ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලලිත් එල්ලාවල මහතා සර්වජන බලය සමඟ එක්ව තිබේ.
ඒ අනුව, ලලිත් එල්ලාවල මහතා සර්වජන බලයේ කළුතර නියෝජ්‍ය දිස්ත්‍රික් නායකවරයා ලෙසත්, සර්වජන බලයේ උත්තරීතර මණ්ඩල සභිකවරයෙකු ලෙසත් පත් කෙරුණි.
අදාළ පත්වීම් ලිපිය සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් සර්වජන බලය මූලස්ථානයේදී ලලිත් එල්ලාවල මහතා වෙත නිල වශයෙන් පිරිනමන ලදී.
කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන හා සංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව කේන්ද්‍ර කරගත් නව දේශපාලන ගමනක් සඳහා ලලිත් එල්ලාවල මහතාගේ අත්දැකීම් සහ දායකත්වය සර්වජන බලයට නව ශක්තියක් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

