ශ්‍රීලන්කන් යානයේ හදිසි ගොඩබෑම ගැන පරීක්ෂණයක්
02 November 2026
ශ්‍රීලන්කන් යානයේ හදිසි ගොඩබෑම ගැන පරීක්ෂණයක්
02 November 2026
මෙල්බර්න් සිට කටුනායක බලා පියාසර කළ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL605 යානයේ භාණ්ඩ ගබඩා කුටියේ දුම් අනතුරු ඇඟවීමේ සංඥාවක් සක්‍රිය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඊයේ (01) රාත්‍රී 11.20ට කොළඹට ළඟාවීමට නියමිතව තිබූ යානයේ ගොඩබෑමට පෙර එම සංඥාව සක්‍රිය වීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.
කෙසේ වෙතත්, යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර, එහි සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය කිසිදු හානියකින් තොරව ඉවත් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

