කැනඩාව සහ පිලිපීනය සඳහා නම් කළ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අගමැති හමුවෙයි
19 November 2026
කැනඩාව සහ පිලිපීනය සඳහා නම් කළ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අගමැති හමුවෙයි
19 November 2026
කැනඩාව සහ පිලිපීනය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබේ.
කැනඩාව සඳහා නම් කරන ලද මහ කොමසාරිස් රෝහණ අඹගොල්ල මහතා සහ පිලිපීනය සඳහා නම් කරන ලද තානාපති අන්සුල් බානු ජාන් මහත්මිය මෙලෙස අග්‍රාමාත්‍යවරිය හමු වූ අතර, එහිදී අග්‍රාමාත්‍යවරිය ඔවුන්ගේ ඉදිරි රාජකාරි කටයුතු වෙනුවෙන් සිය සුබපැතුම් එක් කළාය.
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීම සහ දෙරටේ අධ්‍යාපන ආයතන අතර නව හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය නම් කරන ලද මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළාය.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යෑමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එම ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස උපදෙස් දුන්නාය.
වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතා අවස්ථා ගවේෂණය කරන ලෙස පිලිපීනය සඳහා නම් කරන ලද තානාපතිවරිය දිරිමත් කළ අතර, විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ ආයතනික හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.
පර්යේෂණ, තාක්ෂණ හුවමාරුව සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (IRRI) සමඟ ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
පසුගිය නොවැම්බර් 17 වැනිදා සිදු වූ මෙම හමුවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය ද එක්ව සිටියාය.


