රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
04 April 2026
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
04 April 2026
රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක සඳහා මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත.
අදියර 01 යටතේ විමසිලිමත්බවින් සිටින ලෙස මෙමගින් දන්වා ඇති අතර මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (04) පස්වරු 05.00 සිට හෙට පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

