විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අනන්‍ය සේවා කාණ්ඩයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
27 August 2026
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අනන්‍ය සේවා කාණ්ඩයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
27 August 2026
විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා පෙන්වා දෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ මෙම තීරණය ඉතා සාදරයෙන් පිළිගන්නා බවත් මෙය වසර 15ත් 20ත් අතර කාලයක් පුරා පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටුවීමක් වන බවත් ය.
මෙම පියවර හරහා මහජනතාවට වඩාත් ගුණාත්මක මෙන්ම වගකීම් සහිත විශේෂඥ සේවාවක් ලබාදීමටත්, වෛද්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකිවන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම යෝජනාව පිළිගෙන ඊට අවශ්‍ය නායකත්වය ලබාදුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ මෙය යථාර්ථයක් කිරීමට කැපවූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්තූතිය හිමිවන බව ද ඒ මහතා පැවසීය.
වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ රජය ගත් මෙම තීරණය ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයට ලැබුණු විශාල වරප්‍රසාදයක් බවත්, ඉදිරියේදී වඩාත් උසස් හා ගුණාත්මක සේවාවක් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත්ය.
එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා,
''මෙය ඉතාම වැදගත් අවස්ථාවක්. රජයේ අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලැබිලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරු වෙනුවෙන් අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට. මෙය අවුරුදු පහළවක, විස්සක ඉල්ලීමක්. මේ අමාත්‍ය මණ්ඩල තීරණය විශේෂඥ වෛද්‍ය සංගමය වන අපි ඉතා සාදරයෙන් පිළිගන්නවා. මේ තීරණය මගින් මහජනතාවට වඩාත් ගුණාත්මක සේවයක් හා වගකීම සහිත විශේෂඥ සේවයක් ලැබෙන්න පුළුවන්. ඒ වාගේම ශ්‍රී ලංකා වෛද්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් වෙයි. අපි විසින් ඉදිරිපත් කරපු යෝජනාව පිළිඅරගෙන, ඒ යෝජනාවට අවශ්‍ය නායකත්වය දීපු, අතිගරු ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්තයාට, අපි ඉතාම ගෞරවයෙන් ස්තූතිවන්ත වෙනවා. එතුමාගේ නායකත්වය, එතුමා ගත්ත තීරණය නිසා තමයි මේක සාර්ථක වුණේ. ඒ වාගේම මේක යථාර්තයක් කරන්න අවශ්‍ය හැම පියවරම ගත්ත සෞඛ්‍ය ඇමතිතුමා නලින්ද ජයතිස්ස ඇමතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වාගේම ඇමති මණ්ඩලයේ සියලු ඇමතිවරු, ඒ වාගේම මුදල්, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් දීපු සහයෝගයට අපි ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් විශේෂඥ වෛද්‍ය සංගමයේ අපි කියන්න කැමතියි, රජය විසින් ගත්ත මේ තීරණය නිසා, මෙරට සෞඛ්‍ය සේවයට ලොකු වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා. වඩාත් ගුණාත්මක සේවය ඉස්සරහට ලැබිය යුතුයි. ''

