ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට රුසියාවෙන් ප්‍රකාශක්
03 March 2026
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට රුසියාවෙන් ප්‍රකාශක්
03 March 2026
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවමින් සිටින බවට කිසිදු සාක්ෂියක් මොස්කව් පාලනය මෙතෙක් දැක නොමැති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
"ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට අපට තවමත් කිසිදු සාක්ෂියක් ලැබී නැහැ. ඇත්ත වශයෙන්ම, මෙම යුද්ධය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කළ ප්‍රධානතම සහ එකම හේතුව වූයේත් එයයි," යනුවෙන් ලැව්රොව් මහතා වැඩිදුරටත් පැවසීය.
ඉරානයට එල්ල වන මෙම ප්‍රහාරවල ප්‍රතිවිපාක දැන් මුළු කලාපය පුරාම දැනෙමින් පවතින බවත්, විශේෂයෙන්ම අරාබි රටවලට මෙහි ආර්ථික පිරිවැය දැරීමට සිදුව ඇති බවත් රුසියානු විදේශ අමාත්‍යවරයා අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම ගැටුම් හේතුවෙන් සිදුවන ජීවිත හානි සහ දේපළ හානි හේතුවෙන් අසල්වැසි රටවල් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව රුසියාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ

