වනඅලි ගැටලු විසඳීම සදහා වනජීවී නිලධාරීන්ට යතුරු පැදි
02 September 2026 | අම්පාර වසන්ත චන්ද්‍රපාල
වනඅලි ගැටලු විසඳීම සදහා වනජීවී නිලධාරීන්ට යතුරු පැදි
02 September 2026 | අම්පාර වසන්ත චන්ද්‍රපාල
වනඅලි ගැටලු විසඳීම සදහා කාර්‍යක්ෂමතාව වැඩි කිරීමට වනජීවී නිලධාරීන්ට යතුරු පැදි ලබා දීමේ උත්සවයක් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර වනජීවී අඩවි කාර්යාලයේ දී පවත්වනු ලැබීය.
එහිදී වනජීවී නිලධාරීන් සඳහා යතුරු පැදි 38 ක් බෙදාදීම සිදු කරනු ලැබීය.
දිගාමඩුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක,අම්පාර දිසාපති අනුපම මංගල සමරවික්‍රම ,නැගෙනහිර වනජීවී අධ්‍යක්ෂක එච්.ජී.වික්‍රමතිලක සහ අම්පාර වනජීවී අඩවි ආරක්ෂක ගිහාන් ද සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක් විය.

