brand logo
logo
විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නෙන් 27ක් මරුට (වීඩියෝ)

විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නෙන් 27ක් මරුට (වීඩියෝ)

26 May 2024

ඉන්දියාවේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දරුවන් 9 දෙනෙකු ද ඒ අතර වන බවයි.


ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් ප්‍රදේශයේ පිහිටි විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඊයේ (25) පස්වරුවේ එම ගින්න හටගෙන තිබුණි.


එම අවස්ථාවේ විශාල පිරිසක් මධ්‍යස්ථානය තුළ පරිගණක ක්‍රීඩා ඇතුළු විවිධ විනෝදාත්මක ක්‍රීඩාවල නිරත වෙමින් සිට ඇත.


ඇතැම් මළ සිරුරු සම්පූර්ණයෙන්ම පිළිස්සී ගොස් ඇති බැවින් ඔවුන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම දුෂ්කර වී ඇතැයි ඉන්දීය බලධාරීන් වාර්තා කර තිබේ.


ගින්නට හේතුව, මෙතෙක් අනාවරණය වී නැත.


කෙසේ වෙතත් අදාළ මධ්‍යස්ථාන හිමිකරුවන් මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇතැයි එරට ආරක්ෂක අංශ නිවේදනය කළේ ය. 


ඉන්දීය රජය, මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් වන්දි ලබා දීමට තීරණය කර ඇත.



 

More News..