නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක්
10 March 2026
නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක්
10 March 2026
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබෙන බවට සැක පිට නාවික හමුදා භාරයට ගත් බහුධින ධීවර යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
එම බහුදින ධීවරය යාත්‍රාව ඉදිරි දින දෙක තුළ ගොඩබිමට රැගෙන ඒමට නියමිත බවත් පැවසූ අමාත්‍යවරයා පැවසුවේ ඒ තුළ සැලකිය යුතු ආයුද ප්‍රමාණයක් තිබී ආරක්ෂක අංශ භාරයට ගත් බවය.
ශ්‍රි ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම බහුදින ධීවර යාත්‍රාව ඔවුන් භාරයට ගෙන තිබූ අතර සිදුකරනු ලැබූ විශේෂ මෙහෙයුමක් මත මෙම යාත්‍රාව සිය භාරයට ගනු ලැබීය.
මේ අතර පසුගිය 07 වැනි දිනද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේදී සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත් අතර ඒ තුළ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය 102ක් සහ සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900ක්ද සොයා ගනු ලැබීය.
ඒ එම බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු සිදුකරනු ලැබූ විමර්ශනයෙන් අනතුරුවය.
එහිදී යාත්‍රාව තුළ සිටි සැකකරුවන් 6 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (10) පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කිරීම සඳහා කටයුතු කරමින් පවතින බවත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්තාපනය කර නිදහස් කරන සමාජයද පිරිසිදු කළ යුතු බවය.
ඒ අනුව මෙම ජාලය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මැදිහත් වෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
"සැපයුම් ජාලය අඩපණ කරන්න කටයුතු කරමින් තිබෙනවා. අපි මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුරවැසියා නිදහස් කරන සමාජයත් පිරිසිදු කරන්න ඕනේ. ඒ හින්දා මේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය බිඳින්න අවශ්‍යයි. මේ සැපයුම් ජාලය තියෙන්නේ සංවිධානාත්මක අපරාධත් එක්ක බද්ධ වෙලා. මේ ජාලය අවසන් කරලා බිඳින්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා පොලීසියත්, විශේෂ කාර්ය බළකායත්, ත්‍රිවිධ හමුදාවත්.".

