සාදයක් වටලා 12 දෙනෙකු අත්අඩංගුවට
10 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
සාදයක් වටලා 12 දෙනෙකු අත්අඩංගුවට
10 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නාවලපිටිය සමනලගම සුදුගල ඇල්ල අසල පිහිටි කුලී පදනම මත කාමර ලබාදෙන ස්ථානයක කුලී පදනම මත ලබාගත් කාමර දෙකක් තුළ මත්පෙති, හසීස්, කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයන් දොළොස් දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන් එකතුකර නාවලපිටිය ප්‍ර දේශයේ තරුණයකු විසින් මෙම සාදය පැවැත්වීමට සූදානම් බවට නාවලපිටියෙ පොලිසියේ ස්ථානාධිපති කේ.එම්. කුලතුංගට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීමකදීී මෙම තරුණයන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තරුණයන් කටුනායක, දියසෙන්පුර, මීගමුව, මැදිරිගිරිය ප්‍ර දේශවල පදිංචි අවුරුදු 18 ත් 25 වයස් කාණ්ඩ වල තරුණයන්ය.
හසිස් 490mg, අයිස් 140mg, කෝකේන් 320mg, හසිස් සුරුට්ටු තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.

