Best News Website award
brand logo
logo
විලියම් කුමරු සහ කේට් කුමරිය ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

විලියම් කුමරු සහ කේට් කුමරිය ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

15 November 2026


එංගලන්තයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කේට් කුමරිය තෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවේ මුම්බායි වෙත පැමිණීමට නියමිතව තිබේ.


ඒ අනුව ඔවුන් හෙට (16) සිට ලබන 18 වනදා දක්වා මෙම නිළ සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


විලියම් කුමරු විසින් පරිසර සංරක්ෂණ නවෝත්පාදන දිරිමත් කිරීම සඳහා ආරම්භ කළ සම්මාන උළෙලට සහභාගී වීම සදහා මෙම සංචාරයේ නිරත වන බව සදහන්.


කේට් කුමරිය 2024 වසරේදී පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලැබීමෙන් පසුව විලියම් කුමරු සමඟ එක්ව සිදුකරන පළමු විදේශ සංචාරය මෙය වේ.


එමෙන්ම 2016 වසරෙන් පසු මෙම රාජකීය යුවළ එක්ව ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව ද මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

 

More News..