Best News Website award
brand logo
logo
දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරයට සම්පත් කිරිගේ පත් කෙරේ

දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරයට සම්පත් කිරිගේ පත් කෙරේ

16 November 2026


ඵෙතිහාසික දෙවිනුවර උපුල්වන් ශ්‍රී විශ්ණු මහා දේවාලයේ අභිනව වැඩබලන බස්නායක නිලමේ ධුරය සඳහා සම්පත් කිරිගේ මහතා පත්කර තිබේ.


ඒ හිටපු බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතාගේ ධුර කාලය ඊයේ (15) දිනයෙන් අවසන් වීමත් සමඟය.


මාස තුනක කාලසීමාවක් සඳහා වැඩබලන බස්නායක නිලමේ තනතුරට මෙලෙස සම්පත් කිරිගේ මහතා තාවකාලිකව පත්කර ඇති අතර, ඉන් අනතුරුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ඡන්ද විමසීමක් පවත්වා බස්නායක නිලමේවරයාව පත්කර ගැනීමට නියමිතය.


මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ උපත ලබා ඇති සම්පත් කිරිගේ මහතා මුලික අධ්‍යාපනය හදාරා ඇත්තේ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් සහ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.


එතුමා දශක දෙකකට ආසන්න කාලයක ගුවන් සේවා ක්ෂේත්‍රයේ කළමනාකාර ශ්‍රේණියේ අත්දැකීම්වලින් පරිපූර්ණ ප්‍රවීණයෙකු වන අතර, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හා ගුවන්තොටුපළ සේවා සමාගමේ සේවය කළ අයෙකි.


සම්පත් කිරිගේ මහතා ජාතික මට්ටමේ හිටපු පැසිපන්දු ක්‍රීඩකයෙකු ද වේ.


 

More News..