brand logo
logo
නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි

03 September 2026

අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ දිවුරුම් දුන්නාය.


නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස ද ඇය කටයුතු කළාය.


දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිශ්චයකාර ධුරයක් වෙනුවෙන් අදාළ පත්වීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

More News..