ජලසම්පාදන මණ්ඩලය යටතේ මුහුදු ජලය පිරිපහදු ව්‍යාපෘති 3ක්
10 September 2026
ජලසම්පාදන මණ්ඩලය යටතේ මුහුදු ජලය පිරිපහදු ව්‍යාපෘති 3ක්
10 September 2026
ජලසම්පාදන මණ්ඩලය යටතේ මුහුදු ජලය පිරිපහදු කිරීමේ ව්‍යාපෘති තුනක් පවතින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
වත්මන් වියළි කාලගුණික තත්ත්වය හා ඊට රජයේ පාර්ශ්වයේ සූදානම පිළිබඳ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර ජල සම්පාදන මණ්ඩලය මගින් දිනකට දළ වශයෙන් ජලය ඝන මීටර ලක්ෂ 30ක් පිරිපහදු කරන බවයත්, ඒ සඳහා ජල මූලාශ්‍ර කිහිපයක් භාවිත කරන බවත් හෙතෙම පැවසීය
.
ඒ සඳහා දිවයින පුරා පිහිටි භූගත ජල මූලාශ්‍ර 59කින් දිනකට ජලය ඝන මීටර 77,000ක්ද, ජලාශ 59කින් ජලය ඝන මීටර 712,000ක පමණ ප්‍රමාණයක්ද ලබාගැනීමට කටයුතු කරනු ලබයි.
මීට අමතරව දිනපතා ජලය පිරිපහදු කිරීම සඳහා අවශ්‍ය ඉතිරි ප්‍රමාණය වන ජලය ඝන මීටර ලක්ෂ 22ක පමණ ප්‍රමාණයක් ලබාගන්නේ ගංගා, ඇළ දොළ සහ වෙනත් ජල මූලාශ්‍රයන්ගෙන් බවත් මෙහිදී අනාවරණය කළේය.

