brand logo
logo
කන්දකැටිය ප්‍රදේශයට  නායයාම් අනතුරු හැගවීමේ කහ නිවේදනයක්

කන්දකැටිය ප්‍රදේශයට නායයාම් අනතුරු හැගවීමේ කහ නිවේදනයක්

24 September 2026 | පාලිත ආරියවංශ - බදුල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨායට නාය යාම් අනතුරු හැගවීමේ කහ නිවේදනය ඊයේ (24) දා නිකුත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.


ඊයේ (23) පෙ.ව. 8.00 සිට අද (24) පෙ.ව.8.00 දක්වා මෙම නිවේදනය බල පැවැත්වේ.


ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීයලේකම් කොට්ඨාශය තුළ පිහිටි නාරංගල,බොකන්ඔරුව,තලාකුඹුර,ගලඋඩ,තැටිල්ල බෙරාමඩ,බෝපිටිය, මාලියද්ද, කිවුලේගෙදර, කිරිවෙහෙර යන ග්‍රාම නිලධාරි වසම්වලට මි.මී.100 ඉක්මවූ වැසි පතිතවූ බැවින් එම තත්වය සැලකිල්ලට ගෙන මෙම අනතුරු හැගවීමේ නිවේදනය නිකුත් කළ බව ද අපාදාකළමණකරන ඒකකය සඳහන් කළේය.

 

More News..