2027 අයවැය සෞඛ්‍ය යෝජනා ගැන අධ්‍යයනය කරන්න GMOA කමිටුවක්
13 November 2026
2027 අයවැය සෞඛ්‍ය යෝජනා ගැන අධ්‍යයනය කරන්න GMOA කමිටුවක්
13 November 2026
2027 අයවැය යෝජනා තුළ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව නිසි අධ්‍යයනයක් හා විශ්ලේෂණයක් සිදු කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කමිටුවක් පත් කර තිබේ.
එම කමිටු වාර්තාව සමාලෝචනය කර ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංගමයේ මධ්‍යම කාරක සභාව ලබන 19 වැනිදා රැස්වීමට අද (13) පැවති විධායක කමිටු රැස්වීමේදී තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජනාධිපතිවරයාගේ අයවැය කතාවේදී ප්‍රකාශයට පත් කළ කරුණු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද යෝජනා අතර යම් පරස්පරතා පවතින බව ද එහිදී නිරීක්ෂණය වී තිබේ.
කෙසේ වෙතත්, අයවැය යෝජනා සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාවට අනුව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීමට දිරිගැන්වීම සඳහා තිරසාර වැඩපිළිවෙළක් යථාර්ථයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.


