උඩරට එළවළු වෙළෙදාම සම්පුර්ණයෙන්ම අඩපනවීමේ තත්ත්වයක්
22 March 2026
උඩරට එළවළු වෙළෙදාම සම්පුර්ණයෙන්ම අඩපනවීමේ තත්ත්වයක්
22 March 2026
ඉන්ධන මිල ඉහළ දැමීම කෘෂි ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ගොවි සංගම් පෙන්වා දෙයි.
කැප්පෙටිපොළ එළවළු වෙළෙඳුන් පවසන්නේ එළවළු තොග ප්‍රවාහනය සඳහා වැය වෙන මුදල ඉහළ ගොස් ඇති බවය.
එබැවින් ඇතැම්විට ඉදිරියේ දී උඩරට එළවළු වෙළෙදාම සම්පුර්ණයෙන්ම අඩපන විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර සහල් නිෂ්පාදකයන් පවසන්නේ සහල් මිලද ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවන බවය.
සහල් නිෂ්පාදනයේ දී මෙන්ම ප්‍රවාහනයේදී ද ඉන්ධන මිල ඉහළ යාම දැඩි ලෙස බලපෑම් ඇති කරන බව ඔවුන් පවසයි.
එබැවින් ඉදිරියේදී සහල් කිලෝවක මිල ද රුපියල් 10කට වැඩි මිලකින් ඉහළ දැමීමට සිදුවන බව පෙන්වා දෙයි.

