Best News Website award
brand logo
logo
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

18 November 2026


බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.


නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මස 23 මධ්‍යම රාත්‍රීදක්වා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටු වන බවය.


අදාළ කාලය තුළ ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබූ සියලු වාහන සඳහා දඩ මුදල් අය කිරීමකින් තොරව නොවැම්බර් මස 25 වනදා සිට 27 වනදා දක්වා ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.


www.motortraffic.wp.gov.lk වෙබ් අඩවිය මඟින් මාර්ග ගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ අද සිට ලබන 23 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව ද සඳහන්ය.


බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රෝණික පද්ධතියේ තාක්ෂණික යාවත්කාලීන කිරීමක් හේතුවෙන් එම සේවාව අදාළ කාලය තුළ මෙලෙස අත්හිටුවා ඇති බව සඳහන්ය. 

 

More News..