ජනවාරි සිට සංශෝධනය කිරීමට නියමත විදුලි ගාස්තු මේ මස සිට?
02 October 2023
ජනවාරි සිට සංශෝධනය කිරීමට නියමත විදුලි ගාස්තු මේ මස සිට?
02 October 2023
විදුලි ගාස්තු මෙම මස සිට ඉහළ දැමීමට අදාලව මහජන උපයෝගිතා කොමිසම ඉල්ලා ඇති තොරතුරු ඉදිරි දින දෙක තුළ යොමු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජනවාරි මස කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මේ මස සිට කිරීමට එම මණ්ඩලය කළ යෝජනාවට අනුව මහජන උපයෝගිතා කොමිසම සවිස්තරාත්මක තොරතුරු ඉල්ලා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
නියඟය සහ ඇතැම් විදුලිබලාගාර බිඳ වැටීම හේතුවෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සහ තාප විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කිරීම නිසා පිරිවැය ඉහළ යෑමෙන් ජනවාරි මස කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මස සිට කිරීමට යෝජනා කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.