brand logo
logo
රියාද් ගුවන්තොටුපොළේ ගුවන්ගමන් ලබන සෙනසුරාදා දක්වා අත්හිටුවයි

රියාද් ගුවන්තොටුපොළේ ගුවන්ගමන් ලබන සෙනසුරාදා දක්වා අත්හිටුවයි

13 October 2026


සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ගුවන් ගමන් ලබන සෙනසුරාදා දක්වා අත්හිටුවීමට තීරණය කර තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හූති කැරලිකරුවන්ගේ අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් සෞදි ගුවන් සේවා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවය.


මේ අතර, සෞදි අරාබියේ කිං කලීඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ද අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.


පසුගිය සෙනසුරාදා හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 13දෙනෙකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 300කට අධික පිරිසක් තුවාල ලැබීය.


එමෙන්ම, ඊයේ (12) දිනයේදී ද එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයෙකු මියගොස් තවත් 12දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.


 

 

More News..