brand logo
logo
චීනයේ විවාහ අනුපාතය පහළට

චීනයේ විවාහ අනුපාතය පහළට

06 November 2026


චීනයේ විවාහ අනුපාතය වාර්තාගත ලෙස පහළ වැටී තිබේ.


ඒ අනුව මෙම වසරේ පළමු මාස 09 තුල එරට විවාහ අනුපාතය ගතවු වසර 18 තුල වාර්තා වු අඩුම මට්ටම දක්වා පහත වැටී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.


දරු උපත් සංඛ්‍යාව අඩු මට්ටමක පවතින චීනයේ මෙලෙස විවාහ අනුපාතය අඩුවීම එම තත්ත්වය තවදුරටත් තීව්‍ර කරනු ඇති බව විශ්ලේෂකයින් පවසයි.


චීන සිවිල් කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛණවලට අනුව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල යුවළ මිලියන 4යි දශම 6යි 5ක් විවාහ වී ඇති අතර යුවළ මිලියන 2යි දශම 0යි 8ක් දික්කසාද වී ඇති බව සඳහන් වෙයි.


විවාහ වීම හා දරු උපත් දිරි ගැන්වීම සදහා මෑත වසරවලදී චීන රජය විසින් විවිධ පියවර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

More News..