brand logo
logo
 නෙත්මි අහිංසාගේ ඓතිහාසික පදක්කම් අවස්ථාව ගිලිහී යයි

නෙත්මි අහිංසාගේ ඓතිහාසික පදක්කම් අවස්ථාව ගිලිහී යයි

03 October 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ ජපානයේ නගෝයා සිට


ආසියානු ක්‍රීඩා උළෙලේ ද්වන්ධ සටන් තරග අංශයකින් ශ්‍රී ලංකාව පදක්කම් අවස්ථාවක් සඳහා වන තීරණාත්මක තරගයකට සුදුසුකම් ලැබූ ඉතිහාසයේ පළමු අවස්ථාව සනිටුහන් කරමින්, ඊයේ කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වැදුණු ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා හට එහිදී සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ කසකස්තානයේ නිලුෆර් රයිමෝවා හමුවේ ලකුණු 12-01 ක් ලෙසින් ලැබූ පරාජයෙන් එම ඓතිහාසක පදක්කම දිනාගැනීමේ අවස්ථාව ගිලිහී ගියේය.


අදාළ තරග අංශයෙන් 16 දෙනාගේ මූලික වටයේදී නෙත්මිව පරාජයට පත්කළ චීනයේ ප්‍රබල ක්‍රීඩිකා හොං කෙක්සින් රන් පදක්කම සඳහා වන තරගයට සුදුසුකම් ලැබීමත් සමඟ, ජාත්‍යන්තර මල්ලවපොර නීතිරීතිවලට අනුව නෙත්මිට, නැවත දක්ෂතාවය උරගා බැලෙන 'රෙපෙචාජ්' වටයේ තරග කිරීමට අවස්ථාව හිමිවිය.


අදාළ රෙපෙචාජ් තරගයේදී කසකස්ථානයේ එමා ටිසිනා හමුවේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ නෙත්මි, මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා පැවැත්වෙන තරග දෙක අතුරින් පළමු තරගය සඳහා සිය ස්ථානය තහවුරු කරගත්තාය.

 

More News..