brand logo
logo
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි‍

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි‍

28 July 2026


ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 13 සීමාව ඉක්මවා තිබේ.


ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ජුලි 26 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,313,974ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.


මේ අතර ජුලි 01 වනදා සිටි 26 වනදා දක්වා පැමිණි සංචාරකයින් ගණන 167,401ක් බවද එම අධිකාරිය සඳහන් කර තිබේ.


ජුලි මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 38,785ක් වේ.


දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 18,419ක් ලෙසද සටහන් වී තිබේ.


තෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් නෙදර්ලන්තයන් පැමිණ ඇති අතර එම සංචාරකයින් ගණන 10,540කි.


මේ අතර වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර එම අගය 310,293කි.


මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 332,468ක් සහ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 126,986ක්ද මෙරටට පැමිණ ඇත.


එමෙන්ම වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම අගය 279,328ක් ලෙසට සටහන් වී ඇත.

 

More News..