Best News Website award
brand logo
logo
Mercedes-Benz සහ BAIC ඒකාබද්ධව බීජිං නුවර නව හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම්

Mercedes-Benz සහ BAIC ඒකාබද්ධව බීජිං නුවර නව හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම්

28 November 2026


ජර්මනියේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz, චීනයේ බීජිං නුවර නව හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.


චීනයේ BAIC Motor සමාගම සමඟ ඒකාබද්ධව පවත්වාගෙන යන මෝටර් රථ නිෂ්පාදන ව්‍යාපාරයට අවශ්‍ය මගී මෝටර් රථ උපාංග මිලදී ගැනීම සහ සැපයීම මෙම නව ව්‍යාපාරයේ මූලික අරමුණ වේ.


චීනයේ වෙළෙඳපොළ නියාමන අධිකාරිය වෙත ඊයේ (27) ඉදිරිපත් කරන ලද ලේඛනයක් මගින් මේ පිළිබඳව අනාවරණය වී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.


ඒ අනුව, අදාළ නව සමාගමේ කොටස්වලින් සියයට 70ක හිමිකාරිත්වය Mercedes-Benz China සමාගම සතු වන අතර, ඉතිරි සියයට 30ක කොටස් හිමිකාරිත්වය Mercedes-Benz සහ BAIC සමාගම් එක්ව පවත්වාගෙන යන Beijing Benz සමාගමට හිමිවනු ඇත.


මෙම නව හවුල් ව්‍යාපාරයේ පාලන කටයුතු අදාළ සමාගම් දෙක විසින් ඒකාබද්ධව සිදු කිරීමට නියමිත බව ද වැඩිදුරටත් සඳහන් වේ.

 

More News..