ඉරාන තෙල් ඇමති ඉල්ලා අස්වෙයි
05 October 2026
ඉරාන තෙල් ඇමති ඉල්ලා අස්වෙයි
05 October 2026
ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පෞද්ගලික හේතූන් මත ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, මෙම ඉල්ලා අස්වීම ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් විසින් පිළිගෙන ඇති අතර, ඒ අනුව ජාතික ඉරාන තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් බොවාර්ඩ් මහතා වැඩබලන තෙල් අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.
2024 අගෝස්තු මාසයේ සිට අමාත්‍ය ධුරයේ කටයුතු කළ මොහ්සෙන් පක්නෙජාද් මහතා මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය වාතාවරණය හමුවේ එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇති පසුබිමකය.
පක්නෙජාද් මහතා මීට පෙර සිටම ඉල්ලා අස්වීමට අවසර ඉල්ලා සිට ඇති අතර, ඔහුගේ දැඩි ඉල්ලීම මත ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවද සඳහන් වේ.
ඉල්ලා අස්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය විසින් අලෙවි කරන ලද තෙල් සඳහා වන ආදායම තවදුරටත් ලැබෙමින් පවතින බවත්, ඉදිරියටත් එය එසේම සිදුවනු ඇති බවත්ය.

