ටිපර් රථයක් සහ බොලරෝ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි
05 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ටිපර් රථයක් සහ බොලරෝ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි
05 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
වැලි ප්‍රවාහනය කල ටිපර් රථයක් සහ කිරි ප්‍රවාහනය කරන බොලරෝ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (05) දින සිදු වූ අනතුරකින් බොලරො ලොරි රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසීය.
උදෑසන 8:00ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් පුලියාවත්ත ප්‍රධාන මාර්ගයේ දික්ඔය දරවල ප්‍රදේශයේදිය.
අධික වේගයෙන් ධාවනය වී ඇති බොලරෝ ලොරි රථෙය් වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ටිපර් රථයේ ගැටි මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.
අනතුරින් ටිපර් රථයට සහ බොලරෝ ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

