Best News Website award
brand logo
logo
 නව කැලණි පාලමේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග කිහිපයක් අද සිට තාවකාලිකව වැසෙයි

නව කැලණි පාලමේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග කිහිපයක් අද සිට තාවකාලිකව වැසෙයි

23 November 2026


නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය අතර සම්බන්ධක කොටසේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් හා පිටවීම් මාර්ග තාවකාලිකව වසා දැමීම පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.


ඒ අනුව අද (23) වන දින සිට දෙසැම්බර් 01 වැනි දින දක්වා විවිධ කාලසීමාවන් තුළදී ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් හා පිටවීමේ මාර්ග තාවකාලිකව වසා තැබීමට නියමිත බවද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.


අදාළ නිවේදනය මගින් කටුනායක/ මහනුවර දෙසින් ඉඟුරුකඩේ මංසන්ධිය/ කොළම වරාය දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හෝ ඔරුගොඩවත්ත පිටවීම් භාවිතා කළ යුතු බවත් ඔරුගොඩවත්ත දෙසින් කොළඹ වරාය / ඉඟුරුකඩේ මංසන්ධිය වෙත ගමන් කරන වාහන නව කැලණි පාලම ප්‍රදේශයේ බිම් මට්ටමේ මාර්ගය ඔස්සේ පෑලියගොඩ පිවිසුමද, බොරැල්ල දෙසට දිවෙන වාහන නව කැලණි පාලම ප්‍රදේශයේ බිම් මට්ටමේ මාර්ගය භාවිත කළ යුතු බවද සඳහන් කර තිබේ.


මේ සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්, 





Open
 

More News..