දියුණු රටවල පවතින මට්ටමට මෙරට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවද පත්විය යුතුයි
02 September 2026
දියුණු රටවල පවතින මට්ටමට මෙරට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවද පත්විය යුතුයි
02 September 2026
ඊයේ (01) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ උපයන විට අයකෙරන බද්ද මඟින් ජනතාව දැඩිලෙස පීඩාවට පත්ව ඇති බවයි.
කඩිනමින් එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා පියවර ගතයුතු බව ඔහු පවසයි.
වැඩිදුර අදහස් දක්වමින් එම මහතා ප්‍රකාශ කර සිටියේ වෙනත් දියුණු රටවල පවතින මට්ටමට මෙරට දේශිය ආදායම් දෙපාර්තමේන්තුවද පත්විය යුතු බවයි.
දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වැනි මහ සමුළුව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණි

