brand logo
logo
පැතුම් නිස්සංකට තුන්කොන් සටන අහිමි වෙයි

පැතුම් නිස්සංකට තුන්කොන් සටන අහිමි වෙයි

15 October 2026

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (15) පස්වරුවේ නිවේදනය කළේය.


ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට සිදුකළ එංගලන්ත සංචාරය අතරතුරදී පැතුම් වම් පාදයේ කලවා ආශ්‍රිත ආබාධයකට ලක්විය.


ඒ හේතුවෙන් ඔහුට නැවත ක්‍රීඩා කිරීම සඳහා තවමත් වෛද්‍ය අනුමැතිය ලබාදී නොමැත.


පැතුම් වෙනුවට ලහිරු උදාර එක්දින සංචිතයට කැඳවා තිබේ.


පාකිස්තානය සහ එංගලන්තයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 18වැනිද ශ්‍රී ලංකා - පාකිස්තාන තරගයෙන් ආරම්භ වේ.

 

More News..