brand logo
logo
 ශිරන්තිට සැප්. 24 FCIDයට කළ කැඳවීම ගැන පොලීසිය කරුණු කියයි

ශිරන්තිට සැප්. 24 FCIDයට කළ කැඳවීම ගැන පොලීසිය කරුණු කියයි

16 September 2026


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී තිබේ.


ඇය අද (16) අලුයම සිංගප්පූරුව බලා පිටවගොස් ඇති අතර ඇයට ගුවන්තොටුපොළේදීද අදාළ දැනුම්දී සිදුකර ඇති බව වාර්තා වෙයි.


සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවත විමර්ශන ආරම්භ කර තිබේ.


ඒ අනුව, ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සැප්තැම්බර් 24 දින පැමිණෙන්නැයි තංගල්ල කාල්ටන් නිවසට දැනුම්දීමක් සිදුකළ බව පොලීසිය පවසයි.


කෙසේවෙතත් ඇය ඒ වන විට රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලකයි.


එම ප්‍රතිකාර ඊයේ දිනයේ අවසන් වූ පසු ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුව බලා පිටව යාම සඳහා රෝහලේ සිට කෙලින්ම ගොස් ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙතයි.


ඒ අනුව සැප්තැම්බර් 24 දින පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට වන දැනුම්දීම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් එහිදී සිදුකර තිබේ.


එම දැනුම්දීම රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ලිවේරා මහත්මිය භාරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.


අනතුරුව සාමන්‍ය ගුවන් මගියෙකු ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

 

More News..