Best News Website award
brand logo
logo
ලිටන් දාස්ගෙන් කඩුලු රැකීමේ ලෝක වාර්තාවක්

ලිටන් දාස්ගෙන් කඩුලු රැකීමේ ලෝක වාර්තාවක්

19 November 2026


දකුණු අප්‍රිකාව සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර ජොහැන්නස්බර්ග් හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දවා ගැනීම් 8කට දායක වෙමින් ටෙස්ට් තරගයක ඉනිමකදී වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට දායක වූ කඩුලු රකින්නා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් ඊයේ (18 වැනිදා) සමත් විය.


ලකුණු 400ක් වූ බංග්ලාදේශ පළමු ඉනිමට පිළිතුරු ලෙස ඇරැඹි දකුණු අප්‍රිකානු ඉනිමේ 9වැනි කඩුල්ල ලෙස ලකුණු 72ක් ලබා සිටි කගිසෝ රබාඩා ස්ටම්ප් කිරීමකින් දවා ගනිමින් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ, දාස් මෙම වාර්තාව පිහිටවූ අතර ඔහුගේ දවා ගැනීම් 8ට උඩ පන්දු 6ක් සහ ස්ටම්ප් කිරීම් 2ක් ඇතුළත් විය. එමෙන්ම ඔහු පළමු ඉනිමේදී ශතකයක් ද රැස් කිරීම කැපී පෙනුණි.


දාස්ට පෙර මෙම වාර්තාවේ සම හිමිකරුවන් ලෙස උඩ පන්දු 7 බැගින් ලබාගෙන තිබූ පාකිස්තානයේ වසීම් බාරි, එංගලන්තයේ බොබ් ටේලර්, නවසීලන්තයේ ඉයන් ස්මිත්, කොදෙව් දූපත් හි ක්‍රීඩකයන් වන ‍රයිඩ්ලි ජේකොබ්ස් හා ජෝෂුවා ද සිල්වා රැඳී සිටියහ.

 

More News..