Best News Website award
brand logo
logo
නවතා තිබූ යතුරුපැදියක ලොරි රථයක් ගැටී කුඩා දැරියක් මියයයි

නවතා තිබූ යතුරුපැදියක ලොරි රථයක් ගැටී කුඩා දැරියක් මියයයි

27 November 2026


ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ කිරලවැල්කටුව ප්‍රදේශයේදී ඊයේ (26) සවස සිදු වූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


ඇඹිලිපිටිය පොලිස් වසමට අයත් එම මාර්ගයේ නෝනාගම දෙසට ධාවනය වූ ලොරි රථයක්, එම දිශාවටම ඉදිරියෙන් නවතා තිබූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකාරිය සහ ඔවුන්ගේ කුඩා දියණිය තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ දැරිය මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 01යි මාස 05ක් වයසැති කුඩා දැරියකි.


අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

More News..