Best News Website award
brand logo
logo
සා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනයට එළැඹෙන 30 දක්වා අවස්ථාව

සා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනයට එළැඹෙන 30 දක්වා අවස්ථාව

19 November 2026

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදුකර ගැනීම සඳහා අද (19) සිට අවස්ථාව ලබාදී තිබේ.


ඒ අනුව නොවැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ සංශෝධන සිදුකර ගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල සංශෝධන ඇත්නම්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස තමන්ට ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර ඒවා සංශෝධනය කළ යුතුය.


පෞද්ගලික අයදුම්කරුවන්ට ද තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස නම, ලිපිනය, විෂය, විභාග මාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ භාවය යන තොරතුරුවල සංශෝධන සිදුකර ගැනීමට හැකියාව පවතී.


2026 සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වැනිදා සිට 17 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,519කදී පැවැත්වීමට නියමිතය.


විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ සංශෝධන සඳහා ලබාදී ඇති කාලසීමාව නැවත දීර්ඝ නොකරන බවයි.

 

More News..