brand logo
logo
    යෝෂිත රාජපක්ෂට ඇප

යෝෂිත රාජපක්ෂට ඇප

17 June 2026


අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියම කළේය.


ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සහකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම් දුන්නේය.


අල්ලස් කොමිසමේ නිලධාරිණියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

 

More News..