සංස්කෘතික හා ජාතික උරුමයන් උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
සංස්කෘතික හා ජාතික උරුමයන් උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
විවිධ ජාතීන් හා ආගම් සමඟ බැඳුණු කලා කටයුතු ප්‍රර්වර්ධනය කිරීම සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් රු මිලියන 7,000ක් වෙන් කෙරේ.
අනුරාධපුරය පූජා භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් 2027 වර්ෂය සඳහා රු. මිලියන 1,076 ක් දැනටමත් වෙන් කර තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් රු. මිලියන 8,200 ක ඇස්තමේන්තුවක් සකස් කර ඇති අතර 2027 වසර සඳහා රු. මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
2026 ආරම්භ කරන ලද යතිවර මාපිය නිවාස වැඩසටහන 2027 වසරට ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස හා ජල සම්පාදන අමාත්‍යාංශයට මුදල් වෙන් කර තිබෙනවා.
දිට්වා ආපදාවෙන් හානියට පත් වූ බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99 ක් වශයෙන් ආගමික ස්ථාන 1328 ක් ප්‍රතිසංස්කරණය සඳහා රු. මිලියන 722 ක ප්‍රතිපාදන රජය විසින් සලසා දී තිබෙනවා.
විනාශයට පත් වූ ආගමික ස්ථාන 1,328 අතරෙන් බුද්ධ ශාසන අරමුදලින් බෞද්ධ විහාරස්ථාන 30ක් සඳහා රු. මිලියන 40ක් ද, මධ්‍යම සංස්කෘතික අරමුදලින් ආගමික සිද්ධස්ථාන ඇතුව පුරාවිද්‍යා ස්ථාන සඳහා රු. මිලියන 523ක් ද අනගාරික ධර්මපාල භාරය මඟින් ඉන්දියානු මහා බෝධි සංගමයෙන් පරිත්‍යාග කරන ලද මුදලින් විහාරස්ථානයක් ද ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා.


