brand logo
logo
 එල් නීනෝ නිසා පැනමා ඇලේ ජල මට්ටම පහළට

එල් නීනෝ නිසා පැනමා ඇලේ ජල මට්ටම පහළට

08 September 2026


එල් නීනෝ සංසිද්ධිය හේතුවෙන් මතුව ඇති ජල හිඟය මුල්කරගෙන ලෝකප්‍රකට පැනමා ඇලේ දිනකට ගමන් කළ හැකි නැව් ගණන 36 සිට 32 දක්වා අඩු කිරීමට එහි පරිපාලනය තීරණය කර තිබේ.


එම තින්දුව සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මකයි.


අත්ලාන්තික් සහ පැසිෆික් සාගර එකිනෙක යාකරන පැනමා ඇලේ යාන්ත්‍රණය පාලනය වන්නේ ගටුන් සහ ඇලහුවේලා නම් කෘත්‍රීම ජලාශවලින් ලබාගන්නා මිරිදිය ජලයෙන්ය.


ඇලේ දෛනික කටයුතු පවත්වාගෙන යාම අසීරු වී ඇත්තේ පවතින නියඟය මත මේ ජලාශවල ජල මට්ටම් අඩුවීම නිසයි.

 

More News..