Best News Website award
brand logo
logo
ගෑස් මිල වැඩිවීම හමුවේ කෙටි කෑම සහ කොත්තු, රයිස් මිල ඉහළට

ගෑස් මිල වැඩිවීම හමුවේ කෙටි කෑම සහ කොත්තු, රයිස් මිල ඉහළට

14 November 2026


ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට සමගාමීව කෙටි කෑම, රයිස් සහ කොත්තු මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.


ඒ අනුව කෙටි කෑමවල මිල රුපියල් 5කින් සහ රයිස් හා කොත්තු මිල රුපියල් 15කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේය.


ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබිණි.


ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් සහ කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දමා තිබේ.

 

More News..