පිටකොටුව බස් පොළේ නවීකරණයෙන් වෙළෙඳුන් 50කට බඩේ පහර
29 October 2026 | ශිරාන් රණසිංහ
පිටකොටුව බස් පොළේ නවීකරණයෙන් වෙළෙඳුන් 50කට බඩේ පහර
29 October 2026 | ශිරාන් රණසිංහ
නවීකරණය කිරීමත් සමග පිටකොටුව බස් නැවතුම් පොළේ නීත්යනුකූලව වෙළෙඳාම් කළ ජංගම වෙළෙඳුන් පනහකට සිය ජීවනෝපාය අහිමි වී ඇතැයි පිටකොටුව මධ්යම බස් රථ ජංගම වෙළෙඳ සංගමය කියා සිටියි.
මධ්යම බස් නැවතුම් පොළ නවීකරණයෙන් පසුව එම පරිශ්රය කේන්ද්ර කරගෙන වෙළෙඳාමේ නිරත වූ පිරිස ඉකුත් අප්රේල් අටවැනිදා සිට ඉවත් කළ බවත් මීට අදාළව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත් එම සංගමයේ භාණ්ඩාගාරික බී. ඒ. ටී. සුජීව ‘අරුණ’ ට පැවැසීය.
තමන් මීට දශක ගණනාවකට පෙර සිට පරම්පරාවෙන් පරම්පරාවට මෙම පිරිස පිටකොටුව මධ්යම බස් නැවතුම් පොළේ ජංගම වෙළෙඳාමේ නිරතව සිට ඇති අතර නාරාහේන්පිට ලංගම ප්රධාන කාර්යාලයේ ලියාපදිංචි වී සිටි බවද එම සංගමයේ සාමාජිකයෝ කියා සිටිති.
මුල් කාලයේදී මසකට රුපියල් දහයක පමණ මුදලක් ලංගම වෙත ගෙවූ බවත් පසුව එය රුපියල් 350 දක්වා වැඩිවූ බවත් එම සංගමයේ භාණ්ඩාගාරික පැවැසීය.
බස්රථවල පොත් පත් අලෙවි කිරීමෙන් ජංගම වෙළෙන්දෙක් මසකට ලක්ෂ එකහමාරකට අධික මුදලක් උපයා ගත් බවද ඔහු පවසයි.
මේ වනවිට තම ජීවනෝපාය අහිමි වී ගොස් ඇති බැවින් පරම්පරාවෙන් පරම්පරාවට නීත්යනුකූලව වෙළෙඳාමේ නිරතව සිටි බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රජයෙන් රුපියල් 3000 ක මූලික මුදලක් බැර කර ජංගම වෙළෙඳුන්ට බැංකු ගිණුම් විවෘත කර දුන් බවත් මීට අමතරව නිල ඇඳුමක්ද ලබාදුන් බවද හෙතෙම කියා සිටියේය.
තම ජීවනෝපාය අහිමි වී යාමට අදාළව මානව හිමිකම් කොමිසම වෙත කළ පැමිණිල්ලෙන් පසුව යළි එම රැකියාව කරගෙන යාමට හෝ සාධාරණ වන්දියක් ලබාදෙන ලෙසට නිර්දේශ කළ බවද හෙතෙම කියා සිටී. එහෙත් මේ දක්වා තමන්ට සාධාරණයක් ඉෂ්ට වී නැතැයිද ඔහු කියා සිටී.

