brand logo
logo
ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණ 193

ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණ 193

02 September 2026

2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිංහල මාධ්‍යයේ වැඩිම ලකුණ 193ක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.


මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් අද (02) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍යහමුවේදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මේ බව සඳහන් කළාය.


එමෙන්ම දෙමළ මාධ්‍ය වැඩිම ලකුණු 188, යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

මෙවර විභාගට විශේෂ අවස්ථා සහිත සිසුසිසුවියන් 1,018ක් පෙනී සිට ඇති අතර බේල් මාධ්‍යයෙන් දරුවන් 18 දෙනෙකෙු පෙනී සිටි බව විභාග කොමසාරිස්වරිය පැවසීය.

එමෙන්ම මෙවර කඩයිම් ලකුණු වන්නේ 139 වන අතර ප්‍රතිඵල අනුව සිසුන් 56,000ක් කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව ඇති බව ඇය සඳහන් කළාය.

ඉකුත් අගෝස්තු 9වැනිදා පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටියේය.

නැවත සමීක්ෂණයට අයදුම් කළයුතු දිනය සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම්දෙන බව ද ඇය වැඩිදුරටත් පැවසීය.

 

More News..