brand logo
logo
පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වෙයි

30 July 2026

පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.


එම පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව ද ඇය සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති අගෝස්තු 05 වැනිදා හැර අනෙකුත් සෑම දිනකම පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ. 


පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අගෝස්තු 04 වැනිදා අඟහරුවාදා, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සහ විගණකාධිපතිවරයාගේ වැටුප නිශ්චය කිරීම පිළිබඳ යෝජනා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.


ඉන්පසු පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා වෙන් කර ඇත.


අගෝස්තු 05 වැනිදා බදාදා, පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ. 


පෙරවරු 10.00 සිට 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.30 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. අනතුරුව පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.


අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව පිළිබඳව විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇත.


අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) සහ සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙකට අදාළ දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. එම විවාදය පැවැත්වෙන්නේ අදාළ පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවුවහොත්ය.


ඉන්පසු පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

අගෝස්තු 07 වැනිදා සිකුරාදා, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතව ඇත.

ඉන්පසු පස්වරු 5.00 සිට 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

 

More News..