brand logo
logo
මහර සිද්ධියෙන් පසු අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂක තත්ත්වය ගැනත් අවධානයට

මහර සිද්ධියෙන් පසු අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂක තත්ත්වය ගැනත් අවධානයට

02 August 2026


මහර බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීමත් සමග අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධව අවධානයෙන් පසුවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.


අද (02) මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.


එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ වැලිකඩ, මැගසින්, කළුතර, මීගමුව ඇතුළු සියලු බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක් මේ වන විට යොමු කර ඇති බවය.


ඊයේ ඇතිවූ සිද්ධියත් සමග දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බවත් එය අද අලුයම් කාලය දක්වාම පැවැති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.


එමෙන්ම බොහෝ රැඳවියන් විසින් බන්ධනාගාරයේ දේපොළ රැසකට හානි කර ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


කෙසේ නමුත් අද උදෑසන වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලීසිය, විශේෂ කාර්ය බළකාය, ගුවන් සහ නාවික හමුදාව ඇතුළුව සියලු ආරක්ෂක අංශ එක්ව තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය.


ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

 

More News..