මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාපති අතර හමුවක්
12 August 2026
මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාපති අතර හමුවක්
12 August 2026
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමාණ්ඩර් KUBO Takayuki අද (12) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු වී තිබේ.
මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමාණ්ඩර් KUBO Takayuki විසින් 27 වන නාවික හමුදාපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

