brand logo
logo
ගංවතුර හානිවලට රක්ෂණ වන්දි නොදුන් සමාගම් ගැන පැමිණිලි

ගංවතුර හානිවලට රක්ෂණ වන්දි නොදුන් සමාගම් ගැන පැමිණිලි

25 December 2025 | ශිරාන් රණසිංහ


‘දිට්වා’ සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් විනාශ වූ කර්මාන්තශාලා සහ දේපොළ සඳහා රක්ෂණ වන්දි ගෙවීමේදී ජල ගැලීම්වලට අදාළව රක්ෂණ යෝජනා ක්‍රමයේ ආවරණය නැතැයි කියමින් ඇතැම් සමාගම් වන්දි ගෙවීම පැහැර හරින බවට රක්ෂණ නියාමන කොමිසම වෙත පැමිණිලි ලැබී ඇත. මෙම ජල ගැලීම්වලට මූලික හේතුව සුළි කුණාටුවක් බැවින් සුළි සුළංවලට අදාළව රක්ෂණ ඔප්පු හිමිකරුවන්ට වන්දි ලබාදිය යුතු බව රක්ෂණ ඔප්පු හිමියන් පෙන්වා දී තිබේ.


මේ අතර ඇතැම් රක්ෂණ ඔප්පුවල ආවරණය වන ක්ෂේත්‍ර අතර සුළි සුළං හෝ ගංවතුරට අදාළව රක්ෂණය වී නොමැති නම් ඒ අයට වන්දි ලබා ගැනීමට නොහැකි මුත් සුළි කුණාටු හෝ ගංවතුර රක්ෂණ ආවරණය ලබාගෙන සිටින අයට අදාළ වන්දි ගෙවීමටද රක්ෂණ සමාගම් බැඳීසිටින බවද කොමිසම පෙන්වා දෙයි.


දැනට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳ සොයා බලන බවත් දිනපතාම පාහේ රක්ෂණයට අදාළ දත්ත යාවත්කාලීන කරන බවත් රක්ෂණ නියාමන කොමිසම සඳහන් කරයි.

 

More News..