හොරණ අක්කර 200ක ඉඩම බන්ධනාගාරයට තවම පවරා නැහැ
02 November 2026 | නිලන්ත මදුරාවල
හොරණ අක්කර 200ක ඉඩම බන්ධනාගාරයට තවම පවරා නැහැ
02 November 2026 | නිලන්ත මදුරාවල
වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑව ප්රදේශයේ පිහිටුවීම සඳහා යෝජිත අක්කර දෙසියයක ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පවරා නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියට ඉල්ලීම් කර තිබෙන බවත් ඉදිරියේ දී මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විගණන කාර්යාලයට දැනුම් දී ඇත.
වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය පිහිටි හෙක්ටයාර 16.436කින් යුත් ඉඩමේ තක්සේරු වටිනාකම රුපියල් කෝටි තුන් දහස් එකසිය අසූ හතරකට අධික බවද (රුපියල් 31,844,850,000) මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි. නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩම ද මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පවරා නොමැත.
බන්ධනාගාර තදබදය සහ එම බන්ධනාගාර මෙන්ම නිලනිවාසද අලුත්වැඩියා කටයුතු සිදු නොකිරීම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙරටත් වඩා ගැටලු රාශියකට මුහුණ දී සිටින බවත් එම පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

