නිදහසේ පාද යාත්රාව අද කොළඹට
15 October 2026
නිදහසේ පාද යාත්රාව අද කොළඹට
15 October 2026
‘චීවරයට යුක්තියත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහසත්’ යන තේමාව මුල්කර ගනිමින් ආරම්භ කෙරුණු නිදහසේ පාද යාත්රාව එහි පස්වැනි දිනය වූ ඊයේ (14 වැනිදා) උදෑසන නිට්ටඹුව නගරයේ සිට කඩවත නගරය දක්වා ගමන් ආරම්භ විය.
නිට්ටඹුව ප්රදේශයේ මහා සංඝරත්නය ද ඊයේ (14 වැනිදා) නිට්ටඹුව නගරයට වැඩමකර සිටි අතර උන්වහන්සේගේ ප්රධානත්වයෙන් ආගමික වතාවත් සිදුකර පා ගමන ආරම්භ කෙරිණි.
අද (15 වැනිදා) මෙම පාද යාත්රාව කඩවත බෝධීන් වහන්සේ අසලින් යළි ආරම්භවී වැලිකඩ බන්ධනාගාර දක්වා ගමන් කිරීමට නියමිතය.‘

