brand logo
logo
 මුතුරාජවෙල රක්ෂිතයේ හටගෙන ඇති ගින්න යම්තාක් දුරකට පාලනය කරයි

මුතුරාජවෙල රක්ෂිතයේ හටගෙන ඇති ගින්න යම්තාක් දුරකට පාලනය කරයි

12 September 2026


මුතුරාජවෙල අභය භූමි රක්ෂිතයේ හටගෙන ඇති ගින්න මේ වන විට යම්තාක් දුරකට පාලනය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


රක්ෂිතයේ ගින්නක් හට ගනු ලැබූ අතර එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 412 දරන හෙළිකොප්ටර් යානයක් යොදා ගැනීමටද පියවර ගැනුණි.


ඒ අනුව ගුවනින් ජලය හෙළමින් ගින්න පැතිර යාම පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමටද ගුවන් හමුදාව කටයුතු කරනු ලැබීය.


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සිදුකරමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

 

More News..