brand logo
logo
 තියුණු ආයුධයකින් පහරදී ගැබිණි කාන්තාවක් ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහරදී ගැබිණි කාන්තාවක් ඝාතනය කරයි

04 September 2026


කල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී ගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.


පොලීසිය සඳහන් කළේ, ඊයේ (03) දහවල් තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.


මියගොස් ඇත්තේ 26 හැවිරිදි පාලකුඩාව, කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.


මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය කාන්තාව සිය ස්වාමිපුරුෂයාගෙන් වෙන්වී වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්ව සිට ඇති අතර, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය.


සිද්ධිය සම්බන්ධයෙන් 36 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..