ට්රම්ප්ගේ දෙවැනි ධුර කාලය තුළ වීසා බලපත්ර තුන්ලක්ෂයකට අධික සංඛ්යාවක් අවලංගු කරයි
21 October 2026
ට්රම්ප්ගේ දෙවැනි ධුර කාලය තුළ වීසා බලපත්ර තුන්ලක්ෂයකට අධික සංඛ්යාවක් අවලංගු කරයි
21 October 2026
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ දෙවැනි ධුර කාලය තුළ වීසා බලපත්ර තුන්ලක්ෂයකට අධික සංඛ්යාවක් අවලංගු කර ඇති බව එරට රාජ්ය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
විදෙස් සංක්රමණ සම්බන්ධයෙන් දැඩි ප්රතිපත්තියක් අනුගමනය කරන ට්රම්ප් පරිපාලනය, නීති උල්ලංඝනය කරන සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන්ට එරෙහිව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ .
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ වත්මන් ධුර කාලය ආරම්භ වූ 2025 ජනවාරි මාසයේ සිට මේ දක්වා වීසා බලපත්ර තුන්ලක්ෂයකට අධික සංඛ්යාවක් අවලංගු කර තිබෙන බව ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ .
නීති උල්ලංඝනය කිරීම, වංචා සිදු කිරීම සහ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්රියාකාරකම්වල නිරත වීම මෙම පියවරට හේතු වී ඇති බව එරට බලධාරීන් සදහන් කර තිබේ.
තවද ට්රම්ප් පරිපාලනය පවසන්නේ ඇමෙරිකානු දේශසීමා ආරක්ෂා කිරීම සහ රටේ අභ්යන්තර ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සංක්රමණ ප්රතිපත්ති දැඩි කර ඇති බවයි. ඒවගේම මෙම ක්රියාමාර්ග මගින් පුද්ගල අයිතිවාසිකම් සහ අදහස් ප්රකාශ කිරීමේ නිදහසට බලපෑම් එල්ල වන බවට මානව හිමිකම් ක්රියාකාරීන් චෝදනා කරනු ලබයි

