හෙට දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමට
22 August 2026
හෙට දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමට
22 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකම හෙට (23) මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව් සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ඇති බව සඳහන්.
මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

